උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් ගැන අධ්‍යාපන ඇමතිගෙන් නව සැලසුමක්

June 2, 2022 at 2:25 PM

ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඔහු කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.