කුඩ ඉහළන් සාමාන්‍ය පෙළ විභාගය ලියු ළමුන් ගැන විභාග කොමසාරිස් ගෙන් ප්‍රකාශයක්

June 1, 2022 at 5:32 PM

වැස්සේ කුඩ ඉහලාගෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගේ විභාග පිළිතුරු පත්‍ර වෙනම පරික්ෂා කරන බවත් ඔවුන්ට ආසාධාරණයක් වීමට ඉඩ නොතබන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

අදින් අවසන්වූ සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් මාධ්‍ය හමුව්කට් එක්වෙමින් ඔහු කියා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් සම්පුර්ණ පරීක්ෂණයක් සිදුකරන බවයි.

එම සිදුවීමට අදාළව විනය පරීක්ෂණයක් ද සිදුකරන බවත්, එම සිදුවීම ගැන දැනුම් දීමක් සිදුකර නොමැති අතරම එය විභාග දෙපාර්තමේන්තුවට කල හානියක් බවයි  විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේ.

මෙවර පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගය  ඉතිහාසයේ පවත්වපු දුෂ්කරතම අභියෝගාත්මකම විභාගය බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා ඇතැම් අවස්ථාවන් වලදී විභාග ප්‍රශ්න පත්‍ර පවා මුද්‍රණය කරගන්න පුලුවන් වේවිද යන්න ගැන ප්‍රශ්නයක් තිබු බව කියා සිටියා.

අසීරූතා මධ්‍යයේ වුවද සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් කර ගැනීමට සහය දැක්වූ සියලුම දෙනාට ස්තුතිය පුද කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.