ආනයනික භාණ්ඩ රැසක් සඳහා වන වෙළෙද භාණ්ඩ බදු ඉහළට

June 1, 2022 at 7:01 PM

ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මුදල් අමාත්‍යාංශය විසින් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

ඒ අනුව ආනයනික යෝගට්, බටර් සහ කිරි යොදා නිෂ්පාදනය කරන තැවරුම් රසකාරක ආහාර සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 1000 සිට රු. 2000 දක්වා ඉහළ දමා ඇත.