ආණ්ඩුවේ තනතුරු ගත් මන්ත්‍රීවරුන් ඉවත් කරනවා – නිදහස් පක්ෂය තීරණයක් ගනියි

June 1, 2022 at 2:17 PM

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමයි.

අදාළ එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වේ.

ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරු වලින් ඉවත් කරන බවයි පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් වත්මන් සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍යවරුන් ලෙස පසුගියදා දිවුරුම් දෙනු ලැබුවා.