අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

May 31, 2022 at 10:59 AM

අද දින සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.