බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිවාඩු යයි

May 30, 2022 at 9:55 AM

බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර පත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර ඇත්තේ අද සිට දින 14 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදියි.

බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවාඩු අවසන් කර නැවත රාජකාරී සදහා වාර්තා කරන තෙක් එම පත් කිරීම සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.