කොටුවේ වෙඩි තැබීමක් : පුද්ගලයෙකු ජිවිතක්ෂයට

May 30, 2022 at 11:13 AM

පිටකොටුව, බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පළ ඉදිරිපිට දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.