අටලුගම දැරියගේ ඝාතනයේ සැකකරු පොලිස් අත්අඩංගුවට

May 30, 2022 at 2:44 PM

බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ 29 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැරිය අපහරණයට ලක්වී නොමැති බව වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

දැරියගේ ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ සැකකරු ඇයගේම පවුලේ ඥාතියෙකු වන අතර ඔහුගේ නිවසද දැරියගේ නිවස ආසන්නයේ පිහිටා ඇති බව පොලිසිය සඳහන් කර සිටින්නේ. 29 හැවිරිදි සැකකරු විවාහකයෙකු වන අතර ඔහුද දරුවන් දෙදෙනෙකු ගේ පියෙකු වන බවයි පොලිසිය පැවසුවේ

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.