අරගලයට – දින 50 යි.

May 28, 2022 at 6:59 AM

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් ගාලුමුවදොර දී ඇරඹි විරෝධතාව ට දින 50ක් ගත වී තිබේ.

ජනාධිපතිවරයා ගේ නිවස ආසන්නයේදී අප්‍රේල් මස 7 වැනිදා පැවැති විරෝධතාව විසුරුවා හැරීමත් සමග ඊට එරෙහිව එම සති අන්තයේ එනම් අප්‍රේල් 9 වැනි සෙනසුරාදා පෙරවරුවේ තරුණ පිරිස් ගාලුමුවදොර ට පැමිණ විරෝධතාව ආරම්භ කළහ.

සති අන්ත විරෝධතාවක් ලෙස ආරම්භ කළත් එහි තරුණ ප්‍රජාව දිගටමරැඳී සිටීමට පසුව තීරණය  කරන  ලදී.

ඒ අනුව අති විශාල පිරිසක් දිනපතා එහි පැමිණි අතර විවිධ තරුණ ක්‍රියාකාරකම් සඳහාද එහි අවස්ථාව උදා වීතිබීම විශේෂත්වයකි .

ඒ අනුව රට පුරා ව්‍යාප්ත වූ විරෝධතා රැල්ල හමුවේ එවක පැවැති අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ අතර , මහ බැංකු අධිපතිවරයා ඇතුලු රජයේ ප්‍රධාන තනතුරු දැරූවන් කීපදෙනෙකුම ඉල්ලා අස්විය.

පසුව එළඹි අලුත් අවුරුදු සමයේ එම ස්ථානය ගෝටා ගෝ ගම ලෙස නම් කෙරුණු අතර අවුරුදු උත්සවය, වෙසක් උත්සවය . ක්ම්කරු  දිනය සැමරීමටද එම ස්ථානයේ ප්‍රජාව කටයුතු කරන ලදී.

කලා කරුවන්. ආගමික නායකයින් , සමාජ ක්‍රියාකාරීන් ගේ නොමඳ දායකත්වය ලැබෙන මෙම ස්ථානය ජනපදයක් ලෙස සංවර්ධනය වූයේ පුස්තකාලයක්, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන , පාසල්, නීති ආධාර කඳවුරු වැනිබොහෝ දේ ස්ථාපනය වීමත් සමගිනි.

කෙසේ වෙතත් අරගල භූමියේ මාසයක් සපිරුණු මැයි 9 වැනිදා ඊට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පහර දුන් අතර කීප දෙනෙකුම තුවාල ලැබූහ.

එම සිද්ධිය සමග රටපුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වූ අතර රටපුරා දේශපාලන අස්ථාවරත්වය ක් ද හට ගැනිණ.

මෙලෙස  දින 50 ක් පිරෙන ගාලුමුවදොර අරගලයේ සැමරුම් පා ගමනක් අද පැවැත්වෙන අතර කෙසේවෙතත් පොලීසිය ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ල්බා ගෙන තිබේ.