අටලුගමදී අතුරුදන් වූ දැරියගේ සිරුර හමුවෙයි

May 28, 2022 at 4:44 PM

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මළසිරුර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයාගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළඳ සැලකට ඊයේ පෙරවරුවේ ගිය සිය දරුවා නැවත නිවස කරා නොපැමිණි බවයි ඇයගේ පියා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.