NtechLab නිෂ්පාදනය කළ මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය, NIBM ආයතනයෙහි ස්ථාපනය කෙරේ.

May 27, 2022 at 1:00 PM

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන NIBMආයතනය (ව්‍යාපාර කළමනාකරණ ජාතික ආයතනය) විසින් මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණික පද්ධතිය ආයතනය තුළ ස්ථාපනය කර ඇති බවට ඉකුත් සදුදා දින නිවේදනය කරන ලදී. මෙම මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංග පද්ධතිය, AI පදනම් කරගත් වීඩියෝ විශ්ලේෂණ සමාගමක් වන NtechLab විසින් නිෂ්පාදනය කරනු ලැබීමෙන් අනතුරුව, මෙරට සමාගමක් වන Green Orgro හා අත්වැල් බැඳ ගැනීමෙන් ක්‍රියාත්මක කෙරේ. මෙලෙස මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය ක්‍රියාවට නැංවූ ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය වන්නේ, NIBM ආයතනයයි.

ආයතනය තුළ මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය ස්ථාපනය කිරීමේ අරමුණ වන්නේ, ඇතුළු වීම පාලනය සහ පැමිණීම් කළමනාකරණය කිරීමයි. එමගින් සිසුන්ට කඩිනමින්, කිසිවකුගේ සහයකින් තොරව හා ඉතාමත් පහසුවෙන් ආයතනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.

ආයතනයක ආරක්ෂාව සහතික කිරීම අතින් බැලුවම, මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය විශිෂ්ටතම මෙවලමක්. සාමාන්‍ය අවසර පත්‍රයක්, යම්කිසි අයකුට රැගෙන ඒමට අමතක වීමට හෝ තවත් කෙනෙකුට එය රැගෙන ගොඩනැගිල්ලකට ඇතුළු වීමටත් පුළුවන්. නමුත්, මෙම පද්ධතිය නිසා වෙනත් අයකුට ආයතනයට ඇතුළු වෙන්න බැහැ. මුහුණු හඳුනා ගැනීමේ නවීනතම පද්ධතිය මගින් 99.9% ක්ම නිවැරදිව පුද්ගලයන් හඳුනා ගැනීම සිදු කෙරෙනවා.NIBM ආයතනයේ උපදේශක ප්‍රධානි ආචාර්ය හිමේන්ද්‍ර බලල්ලේ සඳහන් කරයි.

NtechLab සමාගමේ දකුණු ආසියානු විකුණුම් හා සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ  පවෙල් බොරිසොෆ් පැවසුවේ මෙවැන්නකි.මෙම තාක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපන ආයතනවල සුවිශාල උනන්දුවක් පවතිනවා. කොවිඩ් වසංගතයෙන් පසුව අන්තර්ජාල ඉගෙනුම්,  පන්ති කාමර ඉගෙනුම් යන ක්‍රමවේද දෙක හමුවේ ඉගෙනුම් වඩාත් වෙනස් මුහුණුවරක් ගත්තා. ඒ අනුව, අපගේ ප්‍රවේශ පාලන හා කළමනාකරණ මෘදුකාංග මෙන්ම, පැමිණීම් පාලන පද්ධති හා දුරස්ථ විභාග අතරතුර මුහුණු හඳුනා ගැනීම ආදී මෘදුකාංග අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වඩාත් සිත් ඇදගන්නා නව ක්‍රමවේද බවට පත්වී තිබෙනවා.

මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය මගින් ආයතනයකට ඉතාමත් කඩිනමින් හා නිවැරදි ලෙස පුද්ගලයින් හඳුනා ගැනීමේ හැකියාව සැලසේ.  එමඟින් වීඩියෝ දර්ශන අතරින් වුවද, වඩාත් නිවැරදිව සජීවී ලෙස මුහුණු හඳුනා ගැනීම සිදු කෙරේ. එමෙන්ම අවශ්‍ය පුද්ගලයින්ගේ දත්ත සමග ඡායාරූප සංසන්දනය කිරීමේ හැකියාව ද ඒ සතුව පවතී. කැමරාව ඉදිරිපිට සිටින යම් පුද්ගලයකු පිළිබඳව අදාළ නිලධාරීන්ට සංඥාවක් යැවීමේ ක්‍රියාවලිය සඳහා ඊට ගත වන්නේ, තත්පර කිහිපයක් වැනි සුළු කාලයක් පමණි.

 මෙම තාක්ෂණය මගින් දත්ත විශ්ලේෂණය සඳහාද ආයතනවලට ඉමහත් රුකුළක් සැලසේ. රට පුරා සිල්ලර අලෙවි සැල්, ප්‍රදර්ශන ශාලා සහ වෙළඳ මධ්‍යස්ථාන ආදී ඕනෑම ස්ථානයකට වයස අනුව පාරිභෝගිකයින් වෙන්කර හඳුනාගැනීම, පැමිණීමේ සාමාන්‍ය කාලය දැනගැනීම, පැමිණෙන්නන්, නව පාරිභෝගිකයින් හා ස්ථිර පාරිභෝගිකයින් ආදී වශයෙන් වෙන් වෙන්ව දත්ත විශ්ලේෂණය කිරීමට එය මනා පහසුවක් වේ. ප්‍රවේශ පාලන සහ පැමිණීම් කළමනාකරණ පද්ධති, මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණයෙහි වඩාත් ජනප්‍රිය යෙදවුම වේ.

2015 වසරේ පිහිටුවන ලද NtechLab ලොව විශාලතම මුහුණු හඳුනාගැනීමේ පද්ධති ලොවට සපයන සමාගම් වලින් එකකි. මේ වන විට අසර්බයිජානය, ඉන්දියාව ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය උස්බෙකිස්තානය යන රටවලටද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය යන රටවල් ඇතුළුව මැදපෙරදිග උතුරු අප්‍රිකානු දකුණු  දකුණු සහ අග්නිදිග ආසියාව සහ යුරෝපා කලාපයන්හි රටවල් 23ක NtechLab සිය ගෝලීය ව්‍යාප්තිය සනිටුහන් කර තිබේ.

NtechLab පිළිබඳව 

NtechLab හි මුහුණු හඳුනාගැනීමේ ගෝලීය මෘදුකාංග ජාලය වෙත ලොව පුරා කැමරා 400,000 කට වඩා සම්බන්ධ වී තිබේ. ඉකුත් වසරේ මැද පෙරදිග ඇතුළු ව ඒකීය ධන අරමුදල් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය මගින් ඩොලර් මිලියන 15ක් ආයෝජනයකින් අනතුරුව, අබුඩාබි හි නියෝජිත කාර්යාලය විවෘත කරන බවට නිවේදනය කෙරිණි.  එමෙන්ම  2021 වසරේදී ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රමිති හා තාක්ෂණ ජාතික ආයතනය (NIST) මගින් පවත්වන ලද මුහුණු හඳුනාගැනීමේ විකිණුම් පරීක්ෂණයෙන් (FRVT) ප්‍රමුඛස්ථානයට තේරී ත්වීමටද NtechLab වෙත හැකි විය.

වෙබ් අඩවිය- https://ntechlab.com/