සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවට බොර තෙල් අද ගොඩබෑම අරඹයි

May 27, 2022 at 8:09 AM
මාර්තු 20 වෙනිදායෙන් පසුව පළමු වරට සපුගස්කන්ද පිරිපහදුව සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවට බොරතෙල් භාණ්ඩ ගොඩබෑමේ කටයුතු හෙට දිනයේදී ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සපුගස්කන්ද පිරිපහදුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ වන විට මෙරට ඇති සමස්ත ඉන්ධන සංචිතය ගැන ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. ඒ අනුව  ඩීසල් මෙට්ට්‍රික් ටොන් 23022ක්, සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 2588, ඔක්ටේන් 92  වර්ගයේ පෙට්ට්‍රල් 39968, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් 7112ක් සහ JETA1 මෙට්ට්‍රික් ටොන් 3578ක් ඇති  බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.