හිටපු අගමැතිගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනියි

May 26, 2022 at 10:33 AM

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය අසළදී ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ සවස පැය 03ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.