මැයි 31 වෙනිදා යුද හමුදාපති ධුරයෙන් නික්ම යයි

May 26, 2022 at 1:54 PM

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි 31 වෙනිදා සිය ධුරයෙන් නික්ම යෑමට නියමිත බව යුද්ධ හමුදාව නිවේදනය කර සිටිනවා.

යුද්ධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කෙරෙනු ඇත.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාපතිවරයා ලෙස ජුනි මස 01 වෙනිදා සියධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.