ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

May 25, 2022 at 10:14 AM

නිශ්චිත සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍යමය ප්‍රදානයන් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බවයි.

ඒ සඳහා ආර්ථිකමය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් ශ්‍රී ලංකාව විසින් සකස් කළ ගත යුතු බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අවශ්‍ය ඖෂධ මෙන්ම දිළිදු ජනතාව සදහා සහන ලබාදීම, ගොවීන් සහ කුඩා ව්‍යාපාර සදහා අවශ්‍ය සහන ලබාදීමට ශ්‍රී ලංකාව සදහා දැනට අනුමත කර ඇති ඇතැම් මූල්‍ය ව්‍යාපෘති නැවත සමාලෝචනය කර එම මූල්‍ය සහයන් ලබාදෙන බවයි ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.