වාහන සඳහා ඉන්ධන ලබාදෙන මිල ගණන් සංශෝධනය කෙරේ

May 24, 2022 at 10:54 AM

අද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම සමග මෙලෙස ඉන්ධන සපයා ගැනීමේ මිල සංශෝධනය කිරිමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව යතුරුපැදි සඳහා රු. 2500, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක් සහ මෝටර් රථ, වෑන් රථ සඳහා රු.10,000ක් දක්වා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.