පෙට්ට්‍රල් තොග ගැන දැනුම් දීමක්

May 23, 2022 at 1:40 PM

‪ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග අද දිනයේ සිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬

‪පෙට්ට්‍රල් තොග රැගත් නෞකාවන් දෙකක ගොඩබෑමේ කටයුතු සිදුවන බැවින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග ඉදිරි සති 06 කට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.‬

‪මේ හේතුවෙන් හෙට සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීමට අවශ්‍ය වාහන හිමියන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා වන පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවට දැනුම් දී සිටින්නේ