නොරොච්චෝලේ බලාගාරය ගැන සුබ පණිවිඩයක්

May 23, 2022 at 10:19 AM

දැනට අක්‍රීයව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක්කිරීමේ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ජනන යන්ත්‍රයේ ඇතිවු ලිහිසි තෙල් කාන්දුවක් හේතුවෙන් මෙහි තාක්ෂණික දෝෂයක් හටගත් අතර එය මේ වන විට යථාතත්ත්වයට පත්කර ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

දින 20කට ආසන්න කාලයක් නොරොච්චෝලේ බලාගාරයේ ජනන කටයුතු සිදුනොවු අතර බලාගාරය යළි පද්ධතියට එක්කිරීම හරහා දැනට පවතින විදුලි කප්පාදුව යම්තාක් දුරකට සීමා කරගැනීමට හැකිවනු ඇති බවද සඳහන්.

ඒ අනුව, මෙහි සමස්ත ධාරිතාව වන මෙගාවොට් 270 හෙට (24) දිනයේ දී මුළුමනින්ම ජාතික පද්ධතියට එක්කර අවසන් කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.