ජය ටැඹ වෙත !

May 23, 2022 at 8:09 AM

විවිධ හේතූන් නිසා මාස පහක් ප්‍රමාද වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද පෙරවරුවේ ආරම්භ විය.

මෙවර ඒ සඳහා අයදුම්කරුවන් පන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පෙනී සිටී.

අද ඇරඹෙන විභාගය ලබන පළමුවැනිදා දක්වා පැවැත්වෙන අතර පවතින ඉන්ධන හිඟය ඇතුලු ගැටලු හේතුවෙන් විභාග අපේක්ෂකයින් ට හෝ කාර්‍ය මණ්ඩලවලට ඇතිවන අපහසුතාවන් අවම කිරීමට රජය පියවර රැසක් ගෙන තිබේ .

 

ඊට සහය දක්වන ලෙස මහජනතාවගෙන්ද විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටී

මේ අතර අද කාළගුණික තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වර්ෂා තත්ත්වයක් මතු විය හැකි බවයි.