කැබිනට් ප්‍රකාශකවරු සිව්දෙනෙකු පත් කෙරේ

May 23, 2022 at 8:22 PM

නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශක වරුන් තිදෙනෙක් අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබෙනවා.

එහිදී කැබිනට් ප්‍රකාශක-අමාත්‍ය ආචාර්ය බන්දුල
ගුණවර්ධන පත්කර ඇත.

එමෙන්ම සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය මනූෂ නානායක්කාර,අමාත්‍ය කංචන විජේසේකර පත්කර ඇත.