වඳුරු උණ රෝගය ගැන පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම් තිබෙනවා – වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර

May 22, 2022 at 11:22 AM

රටවල් කිහිපයක පැතිර යන මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ පහසුකම් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඔහු සඳහන් කළේ ඊට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවයි.

එම උණ රෝගය මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවලින් හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානය යොමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.