අද ගෑස් බෙදාහරින ස්ථාන ගැන දැනුම් දෙයි

May 22, 2022 at 11:10 AM

ලිට්‍රෝ සමාගම විසින් අද දිනයේ දී දිවයින පුරා ගෑස් බෙදාහරින ක්‍රමවේදය සහ අදාළ ගෑස් පැමිණෙන අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී දිවයින පුරා අලෙවි නියෝජිත මධ්‍යස්ථාන 416කදී පාරිභෝගිකයින් හට තම ගෑස් සිලින්ඩරය ලබාගත හැකියි.

එක් එක් අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදාදෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය සම්බන්ධයෙන් ද ලිට්‍රෝ සමාගම සිය නිවේදනය තුළ දක්වා තිබෙනවා. ඒ අනුව අලෙවි මධ්‍යස්ථානයට ලැබෙන ප්‍රමාණයට පමණක් මුලින් පැමිණෙන පාරිභෝගිකයින් හට අදාළ ගෑස් හිමිවෙනු ඇත.

අද දිනයේ ගෑස් බෙදා හැරීම් සිදුකරන ස්ථාන පහතින් :

https://www.litrogas.com/distribution-plan/