ඉන්ධන බෙදා හැරීම ගැන විශේෂ දැනුම් දීමක්

May 21, 2022 at 1:30 PM

විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කරන ඕනෑම පිරවුම්හලක් වෙත ඉන්ධන නිකුත් නොකර සිටීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඇතැම් සංවිධානාත්මක පුද්ගලයින් විසින් තමන්ට අවශ්‍ය පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් ගොඩබෑමට බලාත්කාරකම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ඇතැමුන් ඉන්ධන බවුසර් වෙත ගිනි තබන බවට ද තර්ජනය කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේ.