හරීන් සහ මනුෂ ඇතුළු නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම තව සුළු මොහොතකින්

May 20, 2022 at 9:57 AM

කැබිනට් මණ්ඩලය සඳහා නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

මෙලෙස දිවුරුම් දෙනු ලබන අමාත්‍ය මණ්ඩලය සඳහා සමගී ජනබලවේගය පක්ෂය නියෝජනය කරනු ලබන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර අද දිනයේදී දිවුරුම් දීමට නියමිතව සිටි අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ඇමති ධුරයක් භාර නොගෙන රජයට සහය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.