සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදු වෙන හැටි

May 20, 2022 at 7:44 PM

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර මැයි 22 සිට ජුනි 01 දක්වා දිනයන්හිදී පස්වරු 6.30 න් පසුව ද විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ද තීරණය කර ඇත.

එම දිනවලදී විභාගය නොපවැත්වෙන දහවල් 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සඳහා පැය1යි විනාඩි 45හේ සිට පැය 2යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

කාර්මික කලාප සඳහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා ද කොළඹ වාණිජ නගර කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා දෛනිකව පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

එම කාල සීමාව තුල විදුලි කප්පාදු කාල සටහන පහතින් :

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/05/Demand-Managmet-Schedule-23rd-May-to-01st-of-June_OL-Exam-Period.pdf

Power Cut නිසා Data Load වෙන්නේ නැද්ද? Calls Drop වෙනවද?

ඔයාගේ Network එක අවුල් වගේද?

එහෙනම් දැන් වෙනස් වෙන්න කාලය හරි ✊

අදම HUTCH හරි Network එකට මාරුවෙලා Power Cut වෙලාවටත් නොනවතින සම්බන්ධතාවයක් අත්විඳින්න!

#GoForHutch
#HutchTheHariNetwork