මන්ත්‍රීවරුන්ට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

May 19, 2022 at 11:14 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටිනවා.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් අඩු මුදලට ඉන්ධන නිකුත් කරන බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හෝ කිසිදු අයෙකුට වෙළෙඳපලේ පවතින මිලට අඩුවෙන් ඉන්ධන නිකුත් කර නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිකුත් කරනු ලබන ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කිරීම සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.