ජාතික රණවිරු සැමරුමට ජනපති එක් වෙයි.

May 19, 2022 at 2:09 PM

13 වන ජාතික රණවිරු සැමරුම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මමහතා ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අබියසදී සිදුකරනු ලැබීය.

 

මේ සදහා ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න , ආරක්ෂක මාණ්ඩලික  ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු නාවික සහ ගුවන් හමුදා පතිවරුන් සහ පොලිස්පතිතුමන්ද, රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), අධ්‍යක්ෂක ජෙනරාල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු  පිරිසක් සහභාගි වන ලදී.