රටේ පවතින ඉන්ධන තොග ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

May 18, 2022 at 11:08 AM

මේ අතර ඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට රට තුල තිබෙන පෙට්ට්‍රල් තොග සීමිත බැවින් ඒවා නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි ඔහු කියා සිටියේ.

ත්‍රිරෝද රථ ඇතුළු දෛනික ජීවිකාව කරගෙන යනු ලබන පුද්ගලයින්ට පෙට්ට්‍රල් නොමැතිකමෙන් පිඩාවට පත්වන බවත් එයට සමාව අයදින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පෙට්ට්‍රල් රැගත් නෞකාවක් ඉකුත් මාර්තු මස 28 වෙනිදා සිට මෙරට ආසන්න මුහුදු සිමාවේ නැංගුරම්ලා ඇති බවත් එම නෞකාවට මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් නොමැතිකම නිසා එය ගොඩබෑමට නොහැකිවී ඇති බව කියා සිටියේ. මෙම ඉන්ධන නෞකාවට ඉකුත් ජනවාරි මාසයේදී ලබාදුන් පෙට්ට්‍රල් තොග වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 53ක් ගෙවීමට සිදුව ඇති බව ද කියා සිටියා.

අදාළ පෙට්ට්‍රල් තොග සඳහා අද සහ හෙට දිනයේදී ඩොලර් ගෙවීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, එම මුදල් ගෙවීමෙන් පසුව පෙට්ට්‍රල් තොග ගොඩබෑමෙන් පසු එම තොග පිරවුම්හල් වෙත ලඟා වීමට දින 03ක් පමණ ගතවනු ඇති බව ද කියා සිටියා.

කෙසේ වුවත් මේ වන විට ඩීසල් තොග ලබා දෙමින් පවතින බව කියා සිටි අමාත්‍යවරයා, ඊයේ දිනයේ දී පමණක් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 7,000ක් නිකුත් කිරීම සිදුකර ඇති බවද කියා සිටියා.