පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06ක ගෙන් CID ය ප්‍රකාශ සටහන් කරගැනීමට යයි

May 18, 2022 at 9:57 AM

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක සහ ඉන්දික අනුරුද්ධ යන අයගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙතෙක් හඳුනාගෙන ඇති මන්ත්‍රීවරුන් ඇතුලූ සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබුණා.