අද ගෑස් පෝලිම්වල රැඳී ඉන්න එපා – ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලයි

May 18, 2022 at 9:43 AM

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම පාරිභෝගික ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති විජිත හේරත් කියා සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ වරායට නෞකාව රැගෙනවිත් බවුසර් රථ මගින් ගෑස් ප්‍රවාහන කටයුතු සිදුකරන බවයි.