අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන පිරවුම්හල් 120ක් වෙන් කරයි

May 18, 2022 at 10:56 AM

අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් 120කට අධික ප්‍රමාණයක් තෝරාගෙන තිබෙනවා.

මේ සඳහා තෝරාගෙන ඇති ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කර ඇත.

සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉන්ධන පිරවුම්හල් තෝරාගෙන ඇති අතර ඒවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් අනුමත කර ඇති බව එම කාර්යාලය පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දෙන බවද එහි වැඩිදුරටත් සඳහන්.