සනත් නිශාන්ත අත්අඩංගුවට

May 17, 2022 at 6:31 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගිය 09 වනදා අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් නම්කර සිටි සැකකරුවන් අතර ඔහුගේ නම ද සඳහන් වි තිබුණා.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.

එම සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන අයගේ ද නම් සඳහන් වී තිබුණා.