ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ සේවා සීමා වෙයි

May 5, 2022 at 8:15 AM

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් බාර ගැනීමේ කටයුතු අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

සිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවා කටයුතු දහවල් 12 යි 30 දක්වා සීමා වන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේවෙතත් ගුවන් තොටුපළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.