ශ්‍රී ලංකාවේ දේපළ තුල ආයෝජනය සඳහා කැමති විදේශිකයින්ට ස්වර්ණමය කාලයක්: LankaPropertyWeb

April 21, 2022 at 4:44 PM

2022 පළමු කාර්තුව සඳහා විකුණුම් මිල ගණන් මත පදනම්ව LankaPropertyWeb නවතම නිවාස මිල දර්ශකයට අනුව, මහල් නිවාසවල (Apartments) සමස්ත විකුණුම් මිල 2021 පළමු කාර්තුවේ සිට 36.08% කින් ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාවේ සමස්ත නිවාස ඉඩම් මිල 29.77% කින් අඩු වී ඇත.

කොළඹ මහල් නිවාස මිල පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ නිදන කාමර 3 ක නිවාස ඒකකයක සාමාන්‍ය මිල 2021 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 49.93 සිට 2022 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 69.14 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසරක් ඇතුළත සිදුවූ 27.28% ක මිළ ඉහළ යෑමක් බවයි. මේ අතර, 2021 සහ 2022 පළමු කාර්තුව අතර කොළඹ, නිදන කාමර 4ක නිවසක සාමාන්‍ය වටිනාකම 5.08%කින් අඩු වී ඇත.

LankaPropertyWeb වෙබ් අඩවියට පැමිණි විදේශීය දේපළ සෙවුම්කරුවන් පිළිබඳව කළ අධ්‍යනයකින් හෙළි වූයේ පසුගිය මාස 3 තුළ, විශේෂයෙන්ම රජය විවෘත වෙළෙඳපොළේ රුපියල පාවීමට ඉඩ හැරීමෙන් පසුව විදේශ රට වල සිට වෙබ් අඩවියට පිවිස දේපළ මිලදී ගැනීම් පිළිබඳව තොරතුරු සොයන්නන්ගේ ප්‍රමාණය 20.6% කින් ඉහළ ගොස් ඇති බවයි. මින් බොහොමයක් දෙනා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිරිස් වන අතර ඔවුන් ද වැඩි වශයෙන් සොයා ඇත්තේ කොළඹ අවට විකිණීමට ඇති නිවාස සහ මහල් නිවාස පිළිබඳ තොරතුරුයි. 

LankaPropertyWeb වෙත පැමිණි සියලුම විදේශීකයින්ගේ තොරතුරු ගවේෂණය කිරීම හා නිරීක්ෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන් වැඩි වශයෙන් සෝදිසි කොට ඇත්තේ කොළඹ, මීගමුව, යාපනය, මහනුවර සහ ගාල්ල වැනි ප්‍රදේශ වල විකිණීමට ඇති දේපළ පිලිබඳ තොරතුරු බවයි. දේශීය ගැණුම්කරුවන්ගේ තොරතුරු විමසුම් රටාවට සමානතාවයක් පෙන්නුම් කරමින් මෙහි වැඩිම සෙවුම් දත්ත ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කාර්යබහුල, කලබලකාරී නගර ජීවිතයෙන් බැහැර වූ තදාසන්න ප්‍රදේශ සඳහා වේ.

 

වසංගත තත්වය සහ ආර්ථික අස්ථාවරත්වයත් සමඟ, 2020 වසරේ ජනවාරි මාසයේ සිට 2022 වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී  ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයෙහි සාමාන්‍ය අගය ශ්‍රී ලංකා රුපියල් 180  සිට 295 දක්වා වැඩි විය. මෙය දෙවසරක් තුළ සිදුවූ 64% ක රුපියලේ අගය අවප්‍රමාණය වීමකි. මෙම තත්වය ශ්‍රී ලංකාවේ ජීවන වියදමට සෘණාත්මක බලපෑමක් සිදු කොට ඇතත්  විදේශිකයන්ට, මෙය මෙරට තුළ ආයෝජනය සඳහා සුවිශේෂී අවස්ථාවක් විවර කර දී තිබේ.

2021 වසරේ නිවාස මිල දර්ශකයට සහ වෙබ් අඩවියේ විදේශ සෙවුම්වාර ගණන

දේපළ විකුණුම් දත්ත පිළිබඳ වෙබ් අඩවියේ විදේශ සෙවුම්වාර ගණන ඉහළ යෑමට අදාළව පසුගිය වසර තුළ දේපල මිලෙහි වෙනස්වීම්  පිළිබඳව LankaPropertyWeb වෙබ් අඩවිය තවදුරටත් විශ්ලේෂණය කරන ලදී. 2021 වසරේ පසුගිය කාර්තු 4 තුළ නිවාස මිල දර්ශකයට අනුව, නිවාසවල සමස්ත විකුණුම් මිල 19.3% කින් වැඩි වී තිබේ. පසුගිය වසරේ පළමු කාර්තුව තුලදී මිලියන 45.17 ක් වූ නිදන කාමර 4 ක් සහිත නිවසක සාමාන්‍ය මිල, සිව්වන කාර්තුව වන විට මිලියන 53.9 ක් ලෙස ඉහළ ගොස් තිබිණි. මේ අතර, එම කාලය තුළ මහල් නිවාසවල වටිනාකම 15.5% කින් ඉහළ ගිය අතර ඉඩම් මිල 7.3% කින් අඩු විය.

 

ඉදිකිරීම් මිල වැඩිවීම සහ ඇමරිකානු ඩොලර් අගයෙහි උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින්, අනාගතයේ දී මෙරට දේපළ මිල ශ්‍රී ලංකා රුපියල් අගයෙන් තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවාස ඉදිකිරීම් පිරිවැය මිනුම වන ‘නිවාස දර්ශකය’ මගින් පෙන්නුම් කළේ, 2021 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව එම වසරේ දෙවන කාර්තුවේදී නිවාස ඉදිකිරීමේ පිරිවැය, ඒකක 909 කින් ඉහළ ගොස් ඇති බවයි. 

වත්මන් දේශීය වෙළෙඳපොළ ප්‍රවණතා සහ ගැණුම්කරුවන්ගේ හැසිරීම් පිළිබඳව අදහස් දක්වමින් බිම්සර – සේෆ්ටිනෙට් (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක බිම්සර ගමගේ මහතා පැවසුවේ, ඉහළ ගිය ඉදිකිරීම් පිරිවැයත් සමඟ තනි තනිව නිවාස ඉදිකිරීමේ ප්‍රවණතාවය පහත වැටෙමින් පවතින අතර මේ වන විට බහුතරයක් එවැනි ඉදිකිරීම් වලට  අකමැත්තක් දක්වන බවයි. කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය අනුව මහල් නිවාස සඳහා ඇති ඉල්ලුම වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය තනි නිවාස සඳහා ඇති ඉල්ලුම ඉක්මවා යාමේ හැකියාවක් තිබේ. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ දේපළ සඳහා ඇමරිකානු ඩොලර් වලින් ආයෝජනය කිරීම විදේශිකයින්ට වඩාත් ලාභදායී ආයෝජනයක් වන බව පැහැදිලි වේ.

 

නිවාස මිල දර්ශක අධ්‍යනයකින් තවදුරටත් පෙන්නුම් කළේ 2021 වසරේ සිව් වන කාර්තුවේදී නිවාස සහ මහල් නිවාස සඳහා ඇති ඉල්ලුම පිළිවෙලින් 22.53% සහ 17.68% කින් ඉහළ ගොස් ඇති බවයි. කොළඹ, නිදන කාමර 3 කින් යුත් මහල් නිවාස ඒකකයක විකුණුම් මිල 24.11% කින් ඉහළ ගොස් ඇති අතර පුර්ව මිල වාර්තාවලට සාපේක්ෂව මෙය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම මිල අගයයි.

 

බොහෝ දේපළ සෙවුම්කරුවන් කොළඹ 02 සිට 08 දක්වා මහල් නිවාස සොයමින් සිටින අතර ඔවුන්ගේ ඉල්ලුම් මිල රුපියල් මිලියන 30-60 අතර අගයක වේ. කොළඹ ප්‍රධාන නාගරික ප්‍රදේශ හැරුණු විට රුපියල් මිලියන 20-50 අතර මිල පරාසයක් තුළ මහල් නිවාස සොයන ගැනුම්කරුවන් වැඩි පිරිසක් අවධානය යොමු කොට ඇත්තේ දෙහිවල, ගල්කිස්ස, පිළියන්දල සහ බත්තරමුල්ල යන ප්‍රදේශ වෙතයි.

 

දේපළ සංවර්ධකයින් (Property Developers) විසින් මෙරට වාණිජ බැංකු සමඟ එක්ව මාසික වාරික පදනම මත ගෙවීම් සැලසුම් ඉදිරිපත් කිරීමත් සමඟ, ගැනුම්කරුවන්ට දැන් එකවර සම්පූර්ණයෙන් ගෙවීමකින් තොරව දේපලවල ආයෝජනය කිරීමේ හැකියාව ලැබී තිබේ.

 

නිශ්චල දේපල වෙළඳපොලේ ඇති මෙවැනි ආයෝජන අවස්ථා පිළිබඳ වැඩි විස්තර සඳහා, 011-7167 167 ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

 

( Edited Translated article of https://www.newswire.lk/2022/04/18/now-is-a-great-time-for-expats-to-invest-in-sri-lankan-properties-lankapropertyweb/)