Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සායනික සාමාජිකත්ව වැඩසටහන සඳහා Royal Wolverhampton NHS Trust සමග පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිරිනැමීම වෙනුවෙන් අත්වැල් බැඳගනී.

April 20, 2022 at 5:00 PM

එක්සත් රාජධානියේ දී හෙද සහ සම සෞඛ් වෘත්තිකයන් සඳහා නව අවස්ථාවන්

ඡායාරූපයේ: Wolverhampton Trust UK, සෝ මාෂ් – සහකාර අධ්යක්ෂ, එමිලි වර්ත් – වැඩසටහන් කළමනාකරු, ටරෙක් හුසේන් – ජ්යෙෂ්ඨ ව්යාපෘති කළමනාකරු, රක්ෂිත තුඩාවේ – කළමනාකාර අධ්යක්ෂ, Amrak සහ රංග විමලසූරිය – විධායක අධ්යක්ෂ, Amrak

ඡායාරූපයේ: සරෝජා සිරිසේන මහත්මිය – එක්සත් රාජධානියේ මහ කොමසාරිස්, සමන්ත පතිරණ මහතා – එක්සත් රාජධානියේ නියෝජ්ය මහ කොමසාරිස්, කළමනාකාර අධ්යක්ෂ Amrak – රක්ෂිත තුඩාවේ, විධායක අධ්යක්ෂ Amrak – රංග විමලසූරිය

Amrak වෛද් විද්යා අධ්යාපන ආයතනය, හෙද සිසුන්ට සහ සම සෞඛ් වෘත්තිකයන්ට එක්සත් රාජධානියේ අවස්ථාවන් පිරිනැමීම සඳහා පූර්ණ ශිෂ්යත්ව වැඩසටහන් සහිතව NHS සමගින් ඉදිරියට

ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ Amrak වෛද් විද්යා අධ්යාපන ආයතනය Royal Wolverhampton NHS සමග සහයෝගීතාවයෙන් සායනික සාමාජිකත්ව වැඩසටහන (CFP) ඔස්සේ වසර 3ක් සඳහා රැකියා අවස්ථාවන් සමගින් අධ්යාපනය හැදෑරීමට අවස්ථාවන් පිරිනැමේ.

Amrak නියෝජිත පිරිස, එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහ කොමසාරිස්සරෝජා සිරිසේන මහත්මිය හමුවුණු අතර එහිදී වත්මන් ශ්රී ලංකා ආර්ථික අර්බුදය හමුවේ සෞඛ් සේවා කේන්ද් කරගත් හුවමාරු වැඩසටහන් පිළිබඳව සහ මානව ප්රාග්ධනය උපයෝගී කර ගැනීම සම්බන්ධ අවස්ථා වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

මෙම අනගි අවස්ථාව තුළින් හෙද සිසුන් හට ශල්යකර්ම, මානසික සෞඛ්, විකලාංග ආදී වෛද් විද්යාවේ නොයෙක් ක්ෂේත පිළිබදව අධ්යයනය කිරීමට ඉඩ ප්රස්ථා හිමිවන අතර එක්සත් රාජධානියේ Black Country ප්රාන්තයේ රෝහලක රෝගී කේන්ද්රගත සත්කාරයන් තුළින් සේවා පළපුරුද්දක්ද ලබාගැනීමේ හැකියාව පවතී.

 

CFP සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පහත පරිදි වේ.

  •         හෙද උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තිබීම
  •         වසර 2ක් සායනික පළපුරුද්ද
  •         නම්යශීලි ලෙස වැඩ කිරීමේ හැකියාව
  •         කණ්ඩායම් හැඟීමෙන් යුතුවීම
  •         උසස් තත්වයේ සත්කාරයන් ලබාදීමට ඇති කැමැත්ත
  •         එක්සත් රාජධානියේ හෙද හා පවුල් සෞඛ් සේවා නිලධාරී කවුන්සිලයේ ලියාපදිංචි වීමට අවශ් OET B/ IELTS 7 විභාග සමත්ව තිබීම
  •         නිපුණතා පිළිබඳ NMC පරීක්ෂණය සමත් වීම: 1 කොටසපරිගණක පාදක පරීක්ෂණය සහ 2 කොටසව්යුහගත සායනික පරීක්ෂණය – (සම්මුඛ පරීක්ෂණය සමත් වීමට යටත්ව. 2 කොටස එක්සත් රාජධානියේ සිදු වේ).

 

ඔබත් අදම Amrak සමග එකතු වී එක්සත් රාජධානියේ හෙදියක් වීමට වරම් හිමිකර ගන්න!

 

 

 

 

 

 

 

 

 

 

“AMRAK වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සෞඛ්‍ය සේවා ශ‍්‍රම බලකායේ ගෝලීය තීරකයෙකු ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමට මග විවර කර ඇත”

– රක්ෂිත තුඩාවේ

කළමනාකාර අධ්‍යක්ෂ – Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය

අනුයුක්ත කිරීම (Placement) සඳහා සුදුසුකම් ලැබීමේ පියවර:


Amrak හි හෙද හෙදියන්ට මෙන්ම සුදුසුකම් ලත් හෙද වෘත්තිකයන්ට සායනික සහයෝගීතා වැඩසටහන සමගින් තම වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

සියලූම අයදුම්කරුවන්, අනුයුක්ත කිරීමට (Placement) සුදුසුකම් ලැබීම සඳහා Amrak CFP පියවර අනුව රියාකළ යුතුය.

 

මෙම වැඩසටහන පිළිබඳ සහ අයදුම් කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට (www.amrak.lk) පිවිසීමෙන් හෝ 077 797 4479 ඇමතීමෙන් ලබාගන්න