ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකර ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරු 14ක් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
මේ අතර එම පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් මේ වන විට ඉල්ලා අස් වී සිටී. ඒ දයාසිරි ජයසේකර , දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්නයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් අද කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහභාගිවී තිබේ.
කෙසේ නමුත් එම පක්ශයද ඇතුළුව පක්ශ 11 කණ්ඩායම වෙනුවෙන් වෙනත් කිසිවෙකු සහභාගි වී නැත.
මන්ත්‍රීවරුන් 132ක් එම රැස්වීමට එක්වූ බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
මේ අතර පක්ෂ 11කණ්ඩායමේ මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ හෙට පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩුවට අහිමි වන බවයි.

හිටපු අමාත්‍ය නිමල් ලංසා ද අද පෙරවරුවේ පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 50ක් හෙට සිට ස්වාධීන වන බවයි.

