ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රීලංකාව ගැන කළ අධ්‍යන වාර්තාව නිකුත් වේ.

March 26, 2022 at 6:05 AM

Article IV යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්,ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ අධ්‍යනයක් සිදුකල අතර එහි විවිධායක මණ්ඩල ප්‍රවෘත්ති නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ.

එහි සම්පූර්ණ වාර්තාව පිලිබඳව පසුගියදා කතා බහක් මතු වූයේ සර්ව පාක්ෂික සමුලුවේදීත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම වාර්තාව විමසීම හේතුවෙනි.

එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෛඉට මැදිහත් වෙමින් කියා සිටියේ එම වාර්තාව සම්බන්ධයෙන් රජය අභියෝග කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනවිට එම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත්කර ඇත.

කොලඹ වරාය නගරය සම්බන්ධයෙන් විශේෂ පරිච්ඡේදයක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත්තේ එය නිසි ආර්ථික සහ මූල්‍ය කලමණාකරණයක් මගින් අනාගතයේදී ලංකාවට ඉහල ප්‍රතිලාභ අත් කර දෙනු ඇති බවයි.

කොවිඩ් වසංගත තත්වයේ බලපෑම මගින් මෙරට ආර්ථිකය මේ වනවිට දැඩි අසීරුතාවකට මුහුණ දෙමින් පවතින බව එමගින් දක්වා ඇත.

වාර්තාව කියවන්න
https://www.imf.org/en/Publications/CR/Issues/2022/03/25/Sri-Lanka-2021-Article-IV-Consultation-Press-Release-Staff-Report-and-Statement-by-the-515737