ASUS ශ්‍රී ලංකා පාරිභෝගික හමුව කෝවිඩ් 19 අභියෝග හමුවේ සමාගම අත්කර ගත් සාර්ථකත්වය හෙළි කරයි

March 13, 2022 at 9:04 AM

ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ පළමු තේරීම වන, ASUS ශ්‍රී ලංකා සමාගම විසින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙහි පවත්වන ලද පාරිභෝගික හමුව සාර්ථක ලෙස අවසන් විය. ඉකුත් වසර දෙකක කාලය තුළ සමාගම අත්කර ගනු ලැබූ ප්‍රගතිය විමසා බැලීමේ කිරීමේ අරමුණින් පැවති මෙම හමුව ASUS ශ්‍රී ලංකා දේශීය නිෂ්පාදන කළමනාකරු සහ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ වාණිජ විකුණුම් ප්‍රධානී, කසුන් අන්ද්‍රමානගේ සහ ASUS කණ්ඩායම්සාමාජිකයින්ගේ මෙන්ම, දිවයින පුරා ASUS පාරිභෝගිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අන්තර්ජාලය ඔස්සේ හමුවට සහහාගි වෙමින්, ASUS ඉන්දියා සහ දකුණු ආසියා System Business Group හි කලාපීය අධ්‍යක්ෂ ලියොන් යූ, පසුගිය වසර දෙකක කාලය ඇතුළත සමාගම විසින් අත්කර ගෙන ඇති දියුණුව පිළිබඳව එහිදී රැස්ව සිටි පිරිස දැනුවත් කළේය. එමෙන්ම, ASUS විසින් වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කරන නවතම ExpertBookලැප්ටොප් පරිගණක සහ නවතම Expert Center ඩෙස්ක්ටොප් පරිගණක මාදිලියප්‍රේක්ෂකයන් වෙත හඳුන්වා දීමද එහිදී සිදු කෙරිණි.එම නවතම ASUS නිෂ්පාදනවල සුවිශේෂී ගුණාංග හා ක්‍රියාකාරීත්වය පිළිබඳව සම්මන්ත්‍රණය අතරතුර පාරිභෝගිකයින් හට විස්තර කෙරිණි.

රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමතමින් ලියොන් යූ මෙලෙස ප්‍රකාශ කළේය. “ASUS සමාගම වශයෙන් අපි හැමවිටම තාක්ෂණය පිළිබඳව හා නව නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳව බලාපොරෙත්තු තබා කටයුතු කරනවා. ඒ හේතුවෙන් අපගේ පාරිභෝගිකයින්ගේ ජීවිත වෙනස් කරන සුවිශේෂී නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට අපි සැම විටම උනන්දු වෙනවා. ගත වූ කාලය තුළ මෙරට ව්‍යාපාරිකයින්ගේ වෘත්තිකයන්ගේ, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ සිසුන්ගේ පළමු තේරීම බවට ASUS පත්ව තිබීම සතුටට කාරණයක්.“ ඔහු සඳහන් කළේය. කෝව්ඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයේ සමාගමට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා හමුවේ වුවත්, 2020 හා 2021 වසර දෙක තුළ සමාගම අත්පත් කරගත් ජයග්‍රහණ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක්ද ඔහු සිදු කළේය. සමාගමේ අනාගත සැලසුම් පිළිබඳවද ගෙනහැර දැක්වූ ලියොන් යූ, ශ්‍රී ලංකාව තුළ ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් සඳහා ASUSනාමය ප්‍රමුඛතම සන්නාමයක් බවට පත් කිරීමට උපකාර කළ ප්‍රේක්ෂකයින් වෙනුවෙන්සිය ස්තුතියද පළ කළේය.

උත්සවය අතරතුර ASUS විසින් ස්වකීය අද්විතීය විශේෂාංගවලින් සමන්විත ExpertBookමාදිලියෙහි ලැප්ටොප්  එළිදක්වනු ලැබිණි. ඒවාට ExpertBook B9 (B9400), ExpertBook B7 Flip (B7402), ExpertBook B5 (B5402C) සහ ExpertBook B5 Flip (B5402F), ExpertBook B3 Flip (B3402) සහ ExpertBook B1400 සහ B1500 ආදිය ඇතුළත් විණි. ExpertBook B9 (B9400) ලැප්ටොප් මාදිලිය, වඩාත් අද්විතීය කාර්ය සාධනයක් හිමි කරදෙන, කල්පැවැත්ම අතින් වඩාත් විශිෂ්ට මෙන්ම, ලොව සැහැල්ලුම ව්‍යාපාරික ලැප්ටොප් මාදිලියයි.ExpertBook B7 Flip (B7402) ලැප්ටොප්, ව්‍යාපාර වේගවත් කිරීමවෙනුවෙන් නිපදවා ඇති 5G සඳහා සක්‍රීය, පරිගණකයකි. ඉහත මාදිලි පෙළට අයත් ExpertBook B5 (B5302C) සහ ExpertBook B5 Flip (B5302F) ලැප්ටොප්, අතිශයින් සැහැල්ලු කාණ්ඩයේ, කාර්යක්ෂම ලැප්ටොප් පරිගණක දෙකකි. ExpertBook B3 Flip (B3402) ලෙසින් වෙළෙඳ පොළට නිකුත් කර ඇති අනෙක් ලැප්ටොප් උපාංගය රැකියා සහ අධ්‍යයනය කටයුතු වෙනුවෙන්ම නිර්මාණය කර ඇති කාර්ය ගණනාවක් සිදු කිරීමේ පහසුකමින් යුතු ලැප්ටොප් පරිගණයක් වෙයි. ExpertBook B1400 සහ B1500 ලැප්ටොප් ද්විත්වය ව්‍යාපාර සඳහා සකස් කර ඇති සිහින් මෙන්ම පහසුවෙන් ගෙන යා හැකි සැහැල්ලු නෝට්බුක් පරිගණක දෙකකි. මීට අමතරව, ඩෙස්ක්ටොප් පරිගණක මාදිලියට අයත් ExpertCenterපරිගණකයද එහිදී පරිශීලකයින් වෙත හඳුන්වා දෙනු ලැබිණි.

ASUS ජාත්‍යන්තර මට්ටමේ නිපුණතාවෙන් පිරිපුන් පර්යේෂණ හා සංවර්ධන ඉංජිනේරුවන් 5,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව ලොව පුරා 14,500කට අධික සේවක සංඛ්‍යාවක් සිටින ගෝලීය සමාගමකි. මේ වන විට  ASUS රටවල් 200කට අධික ප්‍රමාණයක සිය ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන අතර, ASUS පරිගණක සඳහා වන ජාත්‍යන්තර වගකීම රටවල් 85 කට අධික සංඛ්‍යාවක් සඳහා වලංගු වෙයි. 2001 වසරේ සිටම පරිගණක ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරි නමමින්, සම්මාන 57,000කට අධික ප්‍රමාණයක් හිමි කර ගනිමින් සාඩම්බර ඉතිහාසයක් සමාගම සතු කරගෙන තිබේ.Fortune World හි අඛණ්ඩව පස් වැනි වරටත් ඉහළ ඇගයීමට පාත්‍රවන සමාගම වශයෙන් සම්මාන හිමි කර ගනිමින්ද, Forbes හි Global Best Regard Companies සම්මානය අඛණ්ඩව වසර 3ක් හා Interbrandසම්මානය අඛණ්ඩව වසර 7ක්ද දිනා ගනිමින් එකී සාඩම්බර ඉතිහාසය සමාගම සතු කරගෙන තිබේ. එමෙන්ම, තොම්සන් රොයිටර්ස් වෙතින් පිදෙන Top 100 Global Tech Leader සම්මානයද ASUS සතු වෙයි.