හොරෙන් විදුලිය ගත් නිවාස 126ක් වටලයි

March 3, 2022 at 8:27 AM

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 126 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.

කොම්පඤ්ඤ වීදිය විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.