හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දීමක් සිදුකර සිටිනවා.
ඔවුන් පවසන්නේ හෙට දිනයේදී ද පැය 7යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.
ඒ අනුව අද දිනයේදී ක්‍රියාත්මක වන කාල සටහන අනුව හෙට දිනයේදී ද විදුලි කප්පාදු කාල සටහන ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව පෙරවරු 8 සිට සවස 6.00 දක්වා පැය 05ක කාලයක් ද සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙකහමාරක් ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.
