එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල හදිසි විශේෂ සැසිවාරයක් පෙරේදා ආරම්භ වූයේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළාදැකීම වෙනුවෙනි.
මෙම හදිසි විශේෂ මහාමණ්ඩල සැසිය කැඳවනු ලැබිවේ ජගත් ආරක්ෂක මණ්ඩල යෝජනාවක් අනුවයි.
1982 වසරෙන් පසුව මෙවැනි යෝජනාවකට මහාමණ්ඩල විශේෂ හදිසි සැසිවාරයක් කැඳවූයේ පලමු වතාවටයි.
කෙසේ වෙතත් එම යෝජනාවට අදාල ඡන්ද විමසීමේදී ශ්‍රීලංකාව ඇතුලු රටවල් 35 ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි .
රුසියාව ද ඇතුලුව රටවල් 5ක් යෝජනාවට එරෙහිවිය.
කෙසේවෙතත් ඡන්ද 141කින් එම යෝජනාව සම්මත විය.
ශ්‍රීලංකාව ,ඉන්දියාව සහ පකිස්ථානය මෙහිදී ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි ආසියානු රටවල් වේ.
යුක්‍රේනයේ කාර්ඛිව් නගරයේදී පසුගිය දා ඉන්දීය ජාතික වෛද්‍ය සිසුවෙකුද ප්‍රහාරවලට මැදිවී මියගියේය.

