INSEE Ecocycle කර්මාන්ත අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කිරීමසඳහා නවීන තාක්ෂණයෙන් යුතු Pyrolysisකර්මාන්තශාලාවක් විවෘත කරයි

March 2, 2022 at 4:33 PM

2022 පෙබරවාරි 28, කොළඹ: ශ්‍රී ලංකීය කාර්මික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කාර්යයේ පුරෝගාමියා වන INSEE Ecocycle විසින්කාර්මික අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය කරමින් එය චක්‍රීය ආර්ථිකය සඳහා ශක්තියක් සැපයීම සඳහා වන නවීන තාක්ෂණයෙන් යුතු Pyrolysis කර්මාන්ත ශාලාවක් පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකර ඇත.

රබර් සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය පූර්ණ ප්‍රතිචක්‍රීකරණ හැකියාව සහිත නවීන තාක්ෂණයෙන් යුතු මෙම කර්මාන්ත ශාලාව පුළුල් පරාසයක පැතිර ඇති කර්මාන්ත ක්ෂේත්‍රයට වගේම INSEE Ecocycle හි තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය.

මෙයට අමතරව INSEE Ecocycle ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වල අන්තරායකර සහ එසේ නොවන අපද්‍රව්‍ය, සන්නාම සංවේදී අපද්‍රව්‍ය ආදී තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ කාර්යය හා සම්බන්ධ විසඳුම් සැපයීමේ කාර්යයේ ද නිරතව ඇත.

මෙම සුවිශේෂී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරන කර්මාන්තශාලාව පසුගියදා(පෙබරවාරි 25) විවෘත වුනු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ආර්. එම් දයා රත්නායකමහතා සහභාගී විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (සියලු කලාප) එම්. කේ. ඩී. ලෝරන්ස්, වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් කුමාර, මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ එන්.ජී. සෙනවිරත්න, පුත්තලම ප්‍රාදේශීය ලේකම් රංගනා ජයතිලක, මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.කේ දිසානායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති (ඩී.අයි.ජී.) නිමල් පෙරේරා, INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායකINSEE Ecocycle හි අධ්‍යක්ෂ සංජීව චූලකුමාර යන සම්භාවනීය ආරාධිත අමුත්නන් සහ EXCO කණ්ඩායමේ සාමජිකයන්, INSEE සිමෙන්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩාය ද එක් විය.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ මෙම Pyrolysis කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාර නන්දන ඒකනායක මහතා මෙසේ අදහස් දැක්වීය.

”ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට වගේම දේශීය පූර්ණ ඒකාබද්ධ එකම සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ සංස්ථා සහ මහවැලි මැරීන් සිමෙන්ති (INSEE සිමෙන්ති) වැනි ජනප්‍රිය සන්නාම සහිත සිමෙන්තිනිෂ්පාදනය කරන වගකිවයුතු ආයතනික පුරවැසියෙකු විදිහට අපිජාතික අපද්‍රව්‍ය කළමනාකරණ කාර්යයට සහාය දැක්වීමට වගේමඑයට විසඳුම් සෙවීම වෙනුවෙන් සැමවිටම කැපවී සිටිනවා.

ඒ යටත් අපගේ INSEE Ecocycle ආයතනයේ සේවාවන් වලට එක්වූ මේ අති නවීන තාක්ෂණයෙන් යුතු නව කර්මාන්ත ශාලාව මගින් රබර් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ කාර්යය සඳහා නව අවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒ  වගේම INSEE ආයතන විදිහට අපි ජාතික අපද්‍රව්‍ය ගැටළුව සඳහා වඩාත් සාර්ථක මෙන්ම තිරසාර විසඳුමක් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම ද සිදුකරනවා.

විශේෂයෙන් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම සැපයීම වෙනුවෙන් කැපවෙන INSEE Ecocycle ආයතනය, එම කාර්යයන් සඳහා ඔවුන්ගේ විශේෂඥතාවය, හැකියාව, තාක්ෂණික දැනුම සහ වෘත්තීය සේවාව වගේ අංශයන් වලින් සිය කැපවීම සහ නායකත්වය මෙයින් ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ නිසා එම සම්පත් සහ හැකියාවන් තුළින් ආයතනික වශයෙන් තිරසාර ඉලක්ක සපුරා ගැනීමට සහාය වීමේ හැකියාවත් ඔවුන්ට තිබෙනවා.”

Pyrolysis යනු රබර් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ කාර්යය සඳහා සම්පත් ප්‍රතිසාධන පාදක විසඳුමකි. මෙමගින් ඔක්සිජන් නොමැති අවකාශයක් තුළ කාබන් සහිත ද්‍රව්‍ය වල මෙහෙයුම්උෂ්ණත්වය සහ තාපන වේගය වෙනස් කිරීම මගින් ඝන, ද්‍රව සහ වායු නිෂ්පාදන කර ගැනීමේ හැකියාව පවතින අතර, මේ හේතුව නිසාම අද වන විට මෙම තාක්ෂණ්‍ය ආකර්ෂණීය තත්ත්වයට පත්ව ඇත.

INSEE Ecocycle ආයතනයේ අධ්‍යක්ෂ සංජීව චූලකුමාර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය,

අපි මේ කර්මාන්තයේ දශක දෙකකට වඩා වැඩි අත්දැකීම් ඇති එකම තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සපයන ආයතනය යි. ඒ අනුව අපේ INSEE Ecocycle සේවා සැපයුම් ක්‍රයාවලියට රබර් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ හැකියාව ඇති මේ Pyrolysis කම්හල එක් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් අපි බෙහෙවින්ම ආඩම්බරයට පත්වෙන්වා.

Pyrolysis කියන්නේ Pyrolysis Oil සහ Carbon Black මූලික සම්පත් විදිහට නිෂ්පාදනය කරමින් චක්‍රීය ආර්ථිකය මත පදනම් වන සම්පත් ප්‍රතිනිෂ්පාදන විසඳුමක්. ඒ වගේම මේක පරිසර චක්‍රය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනවා වගේම මෙම නවින පහසුකම් යටතේ අපගේ වටිනා ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ තිරසාර ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව ලබා දීමට අපට මෙයින් හැකිවී තිබෙනවා.”

පසුගිය දශක දෙකක කාලය තුළ පරිසරය ආරක්ෂා කිරීම සහ පිරිසිදු හා හරිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන, බහුජාතික සමාගම්, දේශීය සමූහ ව්‍යාපාර, ආයෝජන මණ්ඩලයේ සමාගම් ඇතුළුව දේශීය ආයතන 1000කට අධික සංඛ්‍යාවක් වෙත INSEE Ecocycle මගින් තිරසාර ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම ලබා දී ඇති අතර, එමගින් වාර්ෂිකව කාර්මික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1,000,000ක පමණ ප්‍රමාණයක් තිරසාර ලෙස බැහැර කිරීමේ කාර්යයට සහාය වී ඇත.