ලොව විශාලතම ගුවන් යානයක් යුක්‍රේන රුසියානු යුද්ධයට මැදිවී විනාශ වේ.

February 27, 2022 at 10:25 PM

සුප්‍රසිද්ධ ඇනටනොව් සමාගමේ නිෂ්පාදනයක් වන AN 225 MRIYA යානය යුක්‍රේන ඇන්ටනොව් ගුවන් තොටුපලේ දී ගිනිගෙන විනාශ වී තිබේ.

1988 වසරේ දී තනන ලද මෙම යානය මෙතෙක් ලොව නිපදවූ බරැතිම සහ පළලලින් වැඩිම යානයද වේ.

ටොන් 640ක් බර රැගෙන යා හැකි මෙම යානය අඩි 275 ක් දිගින් යුත් ය.

යානයේ තටු දෙක අතර දුර අඩි 290කි.

එය පැදවීම සඳහා හය දෙනෙකු ගෙන් යුත් නියමු කාර්‍යමණ්ඩලයක් අවශ්‍ය වේ.

හිස් යානයේ බරකිලෝ 285000කි.

එහි ගුවන් යානා ඉන්ධන කිලෝ ලක්ෂ තුනකට වඩා ගබඩා කළ හැකිය.

මෙම යානය 2018 වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියේ ඉන්ධන අවශ්‍යතාවක් සපුරා ගැනීම සඳහයි.