NDB බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව හා එක්ව ජාතික ප්‍රේෂණ ජංගමදුරකථන ඇප් එකක් එළිදක්වයි

February 22, 2022 at 5:59 PM

NDB බැංකුව මෑතකදී ශ්රී ලංකා මහ බැංකුව හා සමඟ එක්ව ජාතිකප්රේෂණ ජංගම දුරකථන ඇප් එක වනලංකා රෙමිට්” (Lanka Remit) නිකුත් කළේය.   


ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් හඳුන්වා දී වැඩිදියුණු කරන ලදලංකා රෙමිට්ඇප් එක  ඩිජිටල් තාක්ෂණ රාජ් අමාත් නාමල් රාජපක්ෂමහතා අතින් එළිදැක්විණි. NDB බැංකුවෙහි ප්රධාන විධායක නිලධාරීදිමන්ත සෙනෙවිරත්න මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලුමබැංකු සහ මුල් ආයතන වෙනුවෙන් සිය අදහස් ප්රකාශ කළේය.

මහ බැංකුව විසින් ශ්රී ලංකාවට ගලාඑන විදේශ ප්රේෂණ ඉහළ නැංවීමටමේ අවස්ථාවේ කටයුතු කරමින් පවතින අතර විදේශයන්හි සිට මුදල්ලංකාවට  එවීමේදී විධිමත් ප්රේෂණ මාර්ග භාවිතාව දිරිමත් කරයි. ජාතික ප්රේෂණ ජංගම දුරකථන ඇප් එක වනලංකා රෙමිට්මඟින්විදේශයන්හි සේවය කරන ශ්රී ලාංකිකයන් වෙත දැනට පවතින ප්රේෂණමාර්ග වෙත ප්රවේශ අවකාශ සපයයි. ඊට අමතරව,  ශ්රී ලංකාවට මුදල්එවීමේදී ඔවුනට වඩාත් පහසු සහ ලාබදායි ප්රේෂණ මාර්ග තෝරාගැනීමසඳහා ඔවුනට ඉඩ සලසා දෙයි.

ශ්රී ලංකාවේ ඩිජිටල් අන්තහ්කරණය දිරිගැන්වීම වෙනුවෙන් ශ්රී ලංකාමහ බැංකුවත් සමඟ ඉතා සමීපව කටයුතුකර ඇති NDB බැංකුව, එහිසම්මාන දිනූ ඇප් එක වන NDB NEOS හරහා අවශ් ඩිජිටල් සේවාවන්මෙන්ම NDB NEOS ඔන්ලයින් සහ බැංකුව සතුව බොහෝ වශයෙන් ඇතිphygital ශාඛා වැනි අනෙකුත් පහසුකම්ද ලබාදේ. , සිය තේමා පාඨයවන අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු අනුව යමිනි. වසර 2020 ඇතිවූ පළමු Covid-19 රැල්ලෙන් පසුව, NDB බැංකුවේගණුදෙනුකරුවන්ගෙන් 50% කට වඩා වැඩි සංඛ්යාවක් ඩිජිටල් වශයෙන්ක්රියාකාරී වූ අතර, බැංකුවේ ඩිජිටල් ගණුදෙනු වල පරිමාව 400% කින්සහ මුළු ගණුදෙනු වල වටිනාකම 150% කින් වර්ධනය වී ඇත. වසර2020 දී පමණක්, NDB NEOS හරහා සිදුකෙරුණ මුළු ගනුදෙනු වලවටිනාකම 311% වැඩිවීමක් වාර්තා කළේය. වසර 2021 දී, දිවයින පුරාපරිශීලකයින් 100,000 කට අධික සංඛ්යාවක් සමඟින් එය ගනුදෙනුවටිනාකමින් රුපියල් බිලියන 100 යේ සන්ධිස්ථානය පසුකළේය.බැංකුකරණ ක්ෂේත්රයේ සාර්ව ඩිජිටල් නිරූපනයක වැදගත්කම සනිටුහන්කරමින්, NDB NEOS ඇප් එක 100,000 අධික වතාවක් බාගතකර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත්ග්ලෝබල් ෆයිනෑන්ස්‘ (Global Finance) සඟරාව විසින්ශ්රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව -2021″ (Sri Lanka’s Best Bank 2021) සහ එක්සත් රාජධානියේ බෑන්කර්‘  (The Banker Magazine) සඟරාව විසින්වසරේ ශ්රි ලංකාවේ බැංකුව” (The Bank of the Year Sri Lanka) වශයෙන් කිරුළු පැළඳීමට අමතරව, “ඒෂියාමනි විශිෂ්ට බැංකු සඳහා සම්මාන” (Asiamoney Best Bank Awards) උළෙලේදී ශ්රී ලංකාව වෙනුවෙන් NDB බැංකුවවිශිෂ්ටතමඩිජිටල් බැංකුව 2021″ (Best Digital Bank 2021) යන සම්මානයෙන් පිදුම් ලැබීය. NDB යනු ශ්රී ලංකාවේ සිව්වන විශාලතම ලයිස්තුගතබැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම වේ. ශ්රී ලංකාවේ එකමමූල් සේවා සමුහය/ සංගතය (conglomerate) වන NDB සමූහය, සියපාරිභෝගිකයින්වෙත සිය සියලුම සමූහ සමාගම්වල නිෂ්පාදන සහසේවාවන් බාධාවකින් තොරව ලබා දීම වෙනුවෙන් සහ ශ්රී ලාංකේය මූල්වෙළෙඳපොළෙහි වර්ධනයට සහ සංවර්ධනයට සහාය වීම වෙනුවෙන්සුවිශේෂී ලෙස ස්ථානගත වී ඇත