වනිදු හසරංගට කොවිඩ් ආසාදනය වෙයි

February 15, 2022 at 9:48 AM
ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ වනිදු හසරංගටයි. මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.