ශ්‍රී ලංකා පිලට දඩ : පැතුම් නිශ්ශංකට ICC යෙන් අවවාදාත්මක අනතුරු ඇඟවීමක්

February 14, 2022 at 7:08 PM

ඔස්ට්‍රේලියාවට සිඩ්නි නුවර පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස නියමිත වේලාවට යොමු නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට20ක දඩයක් නියම පැනවීමට තරග තීරක ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටිනවා.

මේ අතර “ජාත්‍යන්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම” යන චෝදනාව සම්බන්ධයෙන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෘණාත්මක ලකුණක් ලබා දීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට අවවාදාත්මක අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.

නායක දසුන් ශානක සහ පැතුම් නිශ්ශංක යන දෙදෙනාම තම වැරදිවලට වරද පිළිගෙන යෝජිත දඩයන් පිළිගැනීම හේතුවෙන් මේ  පිළිබඳව විභායක් නොපවත්වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ.