තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

February 12, 2022 at 8:53 PM

ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක බිනුර ප්ර්ණනදුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති පළමු විස්සයි 20 තරගයට ද බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ලැබූ අතර එහිදී ඔහු දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 12 කට කඩුලු 02ක් දවා ගනු ලැබුවා.

බිනුර ප්‍රනාන්දුට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බවට හෙළිව ඇති අතර ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග නිව්ස්වයර් වෙත ප්‍රකාශ කර සිටියේ.

මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් හටද කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට වාර්තා වුණා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි 20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි.