ශ්‍රී ලංකා පිලේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ්

February 8, 2022 at 2:10 PM

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අනුව කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් එම පුරප්පාඩුව පිරවීමට කටයුතු කරනු ලබන බවයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි චාමික කරුණාරත්න සුවය ලබා අද දිනයේදී ඕස්ට්‍රේලියාව රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.

විස්සයි 20 තරග 05කින් යුත් සංචාරය පෙබරවාරි මස 11 වෙනිදා ආරම්භ වීමට නියමිතය.