රාගම වෛද්‍ය පිඨයේ සිසු නේවාසිකාගාරයේ සිසුන් පිරිසකට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලූයම සිදු වූ පහරදීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගැටුමෙන් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත්‍රික් රෝහලටත් ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ රජයේ ආයතනයකට අයත් නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
