රාගම වෛද්‍ය පිඨයේ නේවාසිකාගාරයට ප්‍රහාරයක්

February 2, 2022 at 9:44 AM

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වනවා. පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කර සිටිනවා.

කෙසේවෙතත් පහරදීම සිදුකළ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.